පාරම්පරික පිත්තල කර්මාන්තය නගා සිටුවීමට පේරාදෙණිය සරසවිය මැදිහත් වෙයි.

Picture 2

       පූර්ව යුගයේ සිට මෙරට පැවති කර්මාන්ත අතර ලෝහ කර්මාන්තයට ප‍්‍රධාන ස්ථානයක් හිමි වේ. පිත්තල කර්මාන්තය වූ කලී එකී පාරම්පරික ලෝහ කර්මාන්ත අතර මූලිකත්වයක් හිමි වන්නා වූ කර්මාන්තයක් වේ. පාරම්පරික පිත්තල කර්මාන්තයෙහි ආරම්භය සම්බන්ධව විවිධාකාර වූ ජන ප‍්‍රවාදයන් හා මතිමතාන්තර පවතින නමුත් මෙම කර්මාන්තය සම්බන්ධයෙන් පුරාවිද්‍යාත්මක සාක්ෂි හමු වන්නේ ක‍්‍රි.ව. 17 වන ශත වර්ෂයෙන් අනතුරුවය. කෙසේ වුවත් 15 වන සියවසෙන් පසුව මෙරටට එල්ල වූ යුරෝපීය විදේශ ආක‍්‍රමණ නිසා නිරන්තරව ඇති වූ යුද්ධ කෝලාහල හේතුවෙන් දේශපාලනික අස්ථාවරත්වයක් රට තුළ ඇති වී පිත්තල කර්මාන්තය සඳහා නිසි රාජ්‍ය අනුග‍්‍රහයක් නොලැබීමෙන් එකී කර්මාන්තය තුළ යම් පසුබෑමක් ඇති විය. ක‍්‍රි.ව. 19 වන ශත වර්ෂය වන විට ශ‍්‍රී ලංකාවේ පැවති පාරම්පරික කර්මාන්ත පිළිබඳව ආනන්ද කුමාරස්වාමි මහතා විසින් රචනා කරන ලද ‘‘මධ්‍යකාලීන සිංහල කලා’’ නම් කෘතියෙහි සඳහන්ව තිබෙන අතර පාරම්පරික පිත්තල කර්මාන්තය පිළිබඳව ද එහි පරිච්ඡේදයක් වෙන් කර තිබේ. පාරම්පරික පිත්තල කර්මාන්තය තුළ අතීතයේ දී පැවති තත්ත්වය ගවේෂණයෙහි හා වත්මන් තත්ත්වය සංසන්දනය කිරීමට ඇති එකම ලිඛිත මූලාශ‍්‍රය වන හෙයින් එම කෘතිය මහ`ගු දායකත්වයක් ලබා දෙයි.
මෙරටට නිදහස ලැබීමෙන් අනතුරුව පත් වූ විවිධ රජයන් මගින් දියත් කළ විවිධ වැඩසටහන් නිසා ඒ වන විට ගැට`ථ රැුසකට මුහුණ පා තිබූ පාරම්පරික පිත්තල කර්මාන්තය යළි පිබිදී එන්නට විය. එහිලා 1960 දශකයේදී මහනුවර කලාපුරය ප‍්‍රදේශයෙහි පිත්තල කර්මාන්තය ද ඇතු`ථව මෙරට පවතින පාරම්පරික කර්මාන්ත ශිල්පීන් සඳහා ගම්මානයක් ඉදි කිරීමත්, 1980 දශකයෙහි අග භාගයේ දී කලාපුරය ගම්මානයෙහි දෙවන පියවර ඉදි කිරීම හා පිත්තල කර්මාන්ත ශිල්පීන් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා වෙනත් පහසුකම් රජයේ මැදිහත්වීමෙන් ලබා දීමත් වැදගත් වේ. එසේම 2004/2005 කාලයේ දී යළිත් වරක් පිත්තල කර්මාන්ත ශිල්පීන් සඳහා අමුද්‍රව්‍ය ලබා දීමේ ව්‍යාපෘතියක් රාජ්‍ය මට්ටමෙන් ක‍්‍රියාත්මක වීම ද සාධනීය පියවරකි.
වර්තමානය වන විට මහනුවර දිස්ත‍්‍රික්කයේ පිළිමතලාව, කලාපුරය යන ප‍්‍රදේශවල සංස්කෘතිකමය කටයුතු සඳහා අවශ්‍ය වන භාණ්ඩ නිර්මාණය කිරීමටත්, ගම්පහ දිස්ත‍්‍රික්කයේ කිරිබත්ගොඩ ප‍්‍රදේශයෙහි ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වන භාණ්ඩ නිර්මාණය කිරීම සඳහාත් පාරම්පරික පිත්තල කර්මාන්තය ගෘහාශ‍්‍රිත කර්මාන්තයක් වශයෙන් සිදු කෙරෙන අතර වර්තමානයේ වුව ද මෙම කර්මාන්තයෙහි පවතින්නේ පාරම්පරික තාක්ෂණ ක‍්‍රමවේදයන් ය. එසේම 70 දශකයේ අග භාගයේ දී මෙරටට විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසුව ඇලූමිනියම් හා ප්ලාස්ටික් ආදියෙන් නිර්මිත ආදේශක භාණ්ඩ කෙරෙහි වෙළඳපළ විවෘත වීම නිසා පිත්තල කර්මාන්තය තුළ යම් පසුබෑමක් ඇති වී ඇත.

Picture 1
`          අප විසින් සිදු කළ පූර්ව සොයා බැලීම් පරිදි පාරම්පරික පිත්තල කර්මාන්තයෙහි කලාත්මක හා සංස්කෘතිකමය අංශය පිළිබඳව විවිධ පර්යේෂණයන් සිදු වී ඇති නමුත් එහි තාක්ෂණික පැතිකඩ පිළිබඳව සිදු කර ඇති පර්යේෂණයන් ඉතා අල්ප ය. දේශීය නිෂ්පාදන ඉංජිනේරු පර්යේෂකයන් ද විශාල පර්යේෂණ ප‍්‍රමාණයකට දායක වුවත් පිත්තල කර්මාන්තය වැනි පාරම්පරික තාක්ෂණය මුසු වී තිබෙන ගෘහාශ‍්‍රිත කර්මාන්ත වෙත යොමු වීමේ අවම තත්ත්වයක් පවතී. එම ඌනතාවය නිවැරදිව හඳුනා ගනිමින් මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිෂ්පාදන ඉංජිනේරු අධ්‍යනාංශයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් විශ්වවිද්‍යාලයීය පර්යේෂණ ආධාර යටතේ පාරම්පරික පිත්තල කර්මාන්තය පිළිබඳව පර්යේෂණයක අවසන් අදියරෙහි කටයුතු සිදු කරමින් පවතී. පාරම්පරික පිත්තල කර්මාන්තයෙහි නිෂ්පාදන ක‍්‍රියාවලිය අඩු නිෂ්පාදන පිරිවැයක් සහිත උපරිම කාර්යක්ෂමතාවයකින් යුත් පරිසර හිතකාමී තිරසාර තත්ත්වයට පත් කිරීම අප විසින් සිදු කරනු ලබන මෙම පර්යේෂණයේ අරමුණ වන අතර මේ වන විට එමගින් සාර්ථක ප‍්‍රතිඵල රැුසක් අත් කරගෙන තිබේ.
අප විසින් සිදු කළ මූලික ක්ෂේත‍්‍ර සමීක්ෂණ කටයුතුවලදී හඳුනා ගත් කර්මාන්තය හා බැඳි ප‍්‍රධාන ගැට`ථ අංශ තුනක් යටතේ ගොනු කළ හැකිය. එනම්, පුද්ගලානුබද්ධ ගැට`ථ ලෙස නවීන තාක්ෂණික ක‍්‍රමවේද සම`ග මුසු වීමේ අකමැත්ත, තරුණ පරපුර කර්මාන්තය වෙත යොමු වීමේ අඩු බව, කර්මාන්තයට ගැළපෙන නවීන තාක්ෂණික ක‍්‍රමවේද පිළිබඳව පවතින අඩු දැනුවත් බව, වෙළඳපළ දිශානතියට ගැළපෙන භාණ්ඩ නිෂ්පාදන කිරීමේ අඩු බව ආදිය වන අතර සමාජයීය ගැට`ථ ලෙස සාමූහික කේවල් කිරීමේ දුර්වලතා, සමාජයීය වශයෙන් පිළිගැනීමේ අඩු බව, රැුකියා සුරක්ෂිත බව අවම වීම, අමුද්‍රව්‍ය සපයා ගැනීම හා අළවිකරණ ක‍්‍රියාවලිය තුළ සිදුවන අතරමැදියන්ගේ බලපෑම යනාදිය දැක්විය හැකි වන අතර කර්මාන්තය හා බැඳි ප‍්‍රතිපත්තිමය ගැට`ථ වශයෙන් කර්මාන්තයෙහි තාක්ෂණික අංශය පිළිබඳව සිදු වන අඩු පර්යේෂණයන්, රාජ්‍යමය ආයතන මගින් දියත් කරන ව්‍යාපෘතිවලින් අපේක්ෂිත ප‍්‍රතිඵල ඉටු නොවීම, රාජ්‍ය ආයතනවල පවතින අඩු අන්තර් සම්බන්ධතාවය නිසා කර්මාන්ත ශිල්පීන් ගැට`ථකාරී තත්ත්වයන්ට පත් වීම (උදා : පරිසර ආරක්ෂණ බලපත‍්‍ර ලබා ගැනීම, විදුලි බලය ලබා ගැනීම.*, රාජ්‍ය, රාජ්‍ය නොවන හා පුද්ගලික ආයතනයන් කර්මාන්තය පිළිබඳව පවතින අඩු අන්තර් සම්බන්ධතාවය, බැංකු හා මූල්‍ය ආයතනයන්වලින් ණය ලබා ගැනීමේ දුෂ්කරතා ආදිය වෙයි.
අප විසින් සිදු කරනු ලබන මෙම පර්යේෂණය මගින් පාරම්පරික පිත්තල කර්මාන්තයෙහි නිෂ්පාදන ක‍්‍රියාවලිය අඩු නිෂ්පාදන පිරිවැයක් සහිත උපරිම කාර්යක්ෂමතාවයකින් යුත් පරිසර හිතකාමී තිරසාර තත්ත්වයට පත් කිරීම සඳහා ක‍්‍රියාමාර්ග කිහිපයක් ම මේ වන විට ගෙන ඇත.
පිත්තල වාත්තු කිරීම සඳහා අවශ්‍ය අච්චු නිර්මාණ කාර්යය තවමත් සිලිකන් හා බෙන්ඩර්නයිට් මිශ‍්‍රිත විශේෂ වැලි විශේෂයකින් සිදු කර ගනී. එම ක‍්‍රියාවලිය සංකීර්ණ නොවුවත් කාර්යක්ෂම ක‍්‍රමයක් නොවනවා සේම නිෂ්පාදනයෙහි ගුණාත්මක බව අඩු වීම කෙරෙහි ද බලපෑමක් සිදු කරයි. එම නිසා වාත්තු කළ යකඩ (චීනච්චට්ටි* භාවිතා කරමින් වැඩි වශයෙන් නිෂ්පාදනය කෙරෙන භාණ්ඩවලට කල් පවතින ස්ථිර අච්චු මගින් පිත්තල වාත්තු කිරීම හා පිත්තල තහඩු කැටයම් කිරීම යන කාර්යයන් සඳහා නිෂ්පාදන ඉංජිනේරු අධ්‍යනාංශ පර්යේෂණාගාරයේ දී පරිගණක භාවිත නිර්මාණකරණය (CAD), පරිගණක භාවිත ක‍්‍රියාවලි සැලසුම්කරණය (CAPP), පරිගණක භාවිත නිෂ්පාදනය (CAM) හා ත‍්‍රිමාණ මුද්‍රණය (3d printing) මගින් පිත්තල භාණ්ඩ නිෂ්පාදනය සඳහා අනුරූ නිර්මාණය ආදී නව තාක්ෂණික ක‍්‍රමවේදයන් අත්හදා බලා සාර්ථක ප‍්‍රතිඵල අත්පත් කරගෙන තිබේ. එවැනි නව තාක්ෂණය පාරම්පරික පිත්තල කර්මාන්තයෙහි නිෂ්පාදන ක‍්‍රියාවලියට යොදා ගැනීමෙන් නිෂ්පාදනවල ගුණාත්මක බව වැඩිවීම, බලශක්ති සංරක්ෂණය, අමුද්‍රව්‍ය හා මිනිස් පැය ගණන අඩු වීම, නිෂ්පාදනයේ සමමිතික තත්ත්වය ඉහළ අගයක් ගැනී යනාදිය සැලකිය යුතු ප‍්‍රතිශතයකින් සිදුවන බව අපගේ පර්යේෂණ මගින් තහවුරු වී තිබේ. උදාහරණ ලෙස අප විසින් නිර්මාණය කළ ස්ථිර අච්චු භාවිතයෙන් 40% ක පමණ අමුද්‍රව්‍ය හා මිනිස් පැය ගණනක ඉතිරියක් සිදු කර ගත හැකි බව තහවුරු වී තිබේ.
මීට අමතරව අප කණ්ඩායම විසින් සිදු කරන ලද වාත්තු පිත්තල භාණ්ඩ ජීවන චක‍්‍ර තක්සේරුව (Life Cycle Assesment) ක‍්‍රමයට අනුව වැඩි වශයෙන් පාරිසරික බලපෑමක් සිදු වන්නේ පිත්තල උණු කිරීමේ දී ධමකය (Blower) ක‍්‍රියාත්මක කිරීමේ දී සිදු වන හරිතාගාර වායුන් වායුගෝලයට නිකුත් වීමේ දී බව සනාථ කරගෙන තිබේ. එහි අගය උඳුන මගින් නිකුත් වන හරිතාගාර වායු ප‍්‍රමාණයට වඩා ඉහළ අගයක් ගනියි.
එසේම දැනට පිත්තල උණු කිරීමේ කාර්යයේ දී විවිධ විෂ වායුන් හා ඇතැම් බැර ලෝහ යම් ප‍්‍රමාණයකින් නිකුත් වන හෙයින් ශිල්පීන්ට ඒවා ආඝ‍්‍රාණය වීමේ හා පරිසරයට නිකුත් වීමේ අවදානම් තත්ත්වයක් පවතී. එනිසා මධ්‍යම පරිසර අධිකාරිය ආදී ආයතන වෙතින් මහා පරිමාණ කර්මාන්ත සඳහා නිකුත් කරනු ලබන පරිසර නීතිරීති සහ ඒ සඳහා යෝජනා වන ක‍්‍රම දේශීය පිත්තල කර්මාන්තය වෙනුවෙන් නිර්දේශ කිරීමේ තත්ත්වයක් පවතී. කෙසේ වුවත් එවන් තත්ත්වයක් දේශීය පිත්තල නිර්මාණකරුවන් හට දරා ගැනීම අපහසු නිසා පිත්තල උණු කිරීමේ දී විෂ වායුන් පරිසරයට නිකුත් කිරීම අවම කිරීමේ ක‍්‍රමවේද සහිතව පිත්තල කර්මාන්තය සඳහා යොදා ගත හැකි තාක්ෂණික වශයෙන් වැඩි දියුණු කරන ලද අඩු වියදම් සහිත උඳුනක් නිර්මාණය කිරීමේ කටයුතු ද මේ වන විට සාර්ථකව සිදු කෙරෙමින් පවතී. එමගින් ලබා ගන්නා ප‍්‍රතිඵලයන් සම`ග වැඩි දියුණු කරන ලද එම උඳුන පිත්තල කර්මාන්තකරුවන් හට ඉදිරියේ දී හඳුන්වා දීමට අපේක්ෂා කෙරෙයි. එසේම මෙම කර්මාන්තය පාරම්පරික කර්මාන්තයක් වන බැවින් නිෂ්පාදනවල පාරම්පරික බව හා හස්ත කර්මාන්ත ගුණාංග රැුක ගැනීම කෙරෙහි ද අප පර්යේෂණ කණ්ඩායමෙහි අවධානය යොමු වී ඇත.
පිත්තල කර්මාන්තය මෙරට පවතින පාරම්පරික කර්මාන්තයක් වන බැවින් සමාජයේ වෙනස් වීමත් සම`ග කර්මාන්තය තුළ සමාජීය වශයෙන් සිදු වූ වෙනස්කම් හඳුනා ගැනීමේ ක්ෂේත‍්‍ර සමීක්ෂණයක කටයුතු ද දැනට අවසන් කර තිබේ. ඉන් ලද ප‍්‍රතිඵල පරිදි කර්මාන්තකරුවන්ගේ වැඩ ජීවිතය හා පවුල් හා සමාජ ජීවිතය සමබර කර ගන්නා ආකාරය සහ නොවිධිමත් හා යාවජීව අධ්‍යාපන ක‍්‍රමවේද හා සංකල්ප භාවිතා කරමින් කර්මාන්තකරුවන්ගේ ජිවිත හා නිෂ්පාදන ක‍්‍රියාවලිය ඉහළ නැංවීමට ද දැනට කටයුතු සම්පාදනය කෙරෙන අතර පිත්තල කර්මාන්ත ශිල්පීන්ගේ අධ්‍යයනය සඳහා ආදර්ශ වැඩබිමක් විශ්වවිද්‍යාලය තුළ ස්ථාපනය කිරීමට ද අප බලාපොරොත්තු වේ.
පාරම්පරික පිත්තල කර්මාන්තයෙහි නිෂ්පාදන ක‍්‍රියාවලිය අඩු නිෂ්පාදන පිරිවැයක් සහිත උපරිම කාර්යක්ෂමතාවයකින් යුත් පරිසර හිතකාමී තිරසාර තත්ත්වයට පත් කිරීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන අප පර්යේෂණය මගින් ලබා ගත් ප‍්‍රතිඵල පිත්තල කර්මාන්ත ශිල්පීන් අතර හුවමාරු කර ගැනීම සඳහාත්, කර්මාන්තයේ ඉදිරි කටයුතු සඳහා කර්මාන්තකරුවන් හා විශ්වවිද්‍යාලය අතර සම්බන්ධීකරණයක් ඇති කර ගැනීම සඳහාත් පිත්තල කර්මාන්තය සඳහා යොදා ගත හැකි තාක්ෂණික ක‍්‍රමවේදයන් පිළිබඳව වැඩමු`ථවක් මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප‍්‍රවර්ධන දෙපාර්තමේන්තුව ආදී දේශීය හස්ත කර්මාන්තයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ස්ථාපිත රාජ්‍ය ආයතනවල සහයෝගයෙන් 2016 මාර්තු මාසයේ දී පවත්වන ලදී. ඒ සඳහා මහනුවර අවට පිත්තල කර්මාන්ත ශිල්පීන් රැුසක් සහභාගී වූ අතර, එම වැඩමු`ථවේ දිගුවක් ඉදිරියේ දී ද පැවැත්විමට කටයුතු මේ වන විට සම්පාදනය කරමින් පවතී.

ආචාර්ය අසේල කේ. කුලතුංග,
ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය,
නිෂ්පාදන ඉංජිනේරු විද්‍යා අධ්‍යනාංශය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

පර්යේෂණ කණ්ඩායම : ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය අසේල කේ. කුලතුංග, ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය රිශිකා ඒකනායක, කථීකාචාර්ය මහානාම ධර්මවර්ධන, මාලන් ජයවික‍්‍රම (පර්යේෂණ සහයක*, රජිත පීරිස් (පර්යේෂණ සහයක*, වරුණ මියනදෙණිය (ක්ෂේත‍්‍ර සහයක*, නිෂ්පාදන ඉංජිනේරු අධ්‍යනාංශය, කථිකාචාර්ය ප‍්‍රියදර්ශනී පේ‍්‍රමරත්න, සමාජවිද්‍යා අධ්‍යනාංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය. ආචාර්ය එස්. බී. ඒකනායක, යුනෙස්කෝ ආයතනයෙහි හිටපු අධ්‍යාපන උපදේශක හා ප‍්‍රධාන විධායක නිළධාරි, අධ්‍යාපන පර්යේෂණ හා සංවර්ධනය සඳහා වූ ආයතනය.
ස්තූතිය : පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පර්යේෂණ ආධාර RG/2014/24E

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s